ඒකාබද්ධ ගුරු සේවා සංගමය විසින් ඊයේ (13) කොලඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වන ලදි.
එහි දී ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන් ලේකම් අමිල සඳරුවන් මහතා විසින් දැක්වූ අදහස් පහතින්,
ඌව පළාත් සභාවට නවක උපාධිධාරීන් 303ක් බඳවා ගැනීම සඳහා කැබිනට් අනුමැතියි පසුගිය 10 වන දින අග්‍රාමාත්‍යවරිය විසින් ලබාගෙන තිබුණා. එහිදී විෂය උපාධිධාරීන් 260 කුත් අධ්‍යාපනවේදී උපාධිධාරීන් 43කුත් ලෙස අවසර ගෙන තිබූණි. නවක උපාධිධාරීන්ට පත්වීම් දීම ඉතාම හොඳයි, නමුත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා ඌව පළාත් සභාවට අදාලව කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල වලින් උපාධිය අවසන් කල අධ්‍යාපනවේදී උපාධිධාරීන් 20ක නම් ඇතුළත්ව 63ක ලැයිස්තුවක් පලාත් සභාව ඉදිරිපත් කරලා තිබුනත්, එම පිරිස අතහැර කලින් සම්මුඛ පරීක්ෂණ කලාය යන පදනමින් 43 දෙනෙකුට පමණක් අවසරය අරගෙන තිබෙනවා.
මේක බරපතළ තත්වයක්. වහාම මෙය නිවැරදි කල යුතුයැයි මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒකාබද්ධ ගුරු සේවා ස්ංගමයේ ප්‍රධාන ලේකම් අමිල සඳරුවන් සඳහන් කලා. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ස්දහ්න් කලේ, මේ 43 දෙනාගෙන් බහුතරය පෞද්ගලික ආයතන වලින් online ක්‍රමයට උපාධි අරගත්තු පිරිස. ඉහළම සුදුසුකම් සහිත කොළඹ පේරාදෙණිය උපාධිධාරීන් හලලා පෞද්ගලික ආයතන වලට අනුමැතිය දෙන එක තමයි කරන්නේ.
පහුගිය කාලේ දකුණු පලාත් සභාවත් ඕකම කරලා තියෙනවා. මේ පෞද්ගලික ආයතන උපාධි පාඨමාලාවේ සම්පූර්ණයෙන්ම පවත්වන්නේ online ක්‍රමයට, ඒ වගේම බොහෝ පාඨමාලාවලින් විභාගවත් නැහැ. වසර එකහමාරකින් අවුරුදු හතරක විශේෂ උපාධියක් අවසන් කරනවා කලා අංශයේ ඉහළම ලකුණු අරගෙන ශාස්ත්‍ර පීඨයට ඇවිල්ලා, පළමු වසරේ ඉහළම සාමාර්තය ගත්තු පිරිස තමයි කොළඹ සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනවේදී උපාධිය සදහා තෝරාගනු ලබන්නේ. ඔවුන් වසර න්‍යායික දැනුම වගේම රජයේ පාසල්වලින් ප්‍රායෝගික පුහුණුවක් ලබලා, පර්යේෂණ වාර්තාවක් පවා ඉදිරිපත් කරලා තමයි උපාධිය අවසන් කරන්නේ, ගුරු පත්වීම් දෙද්දී අධ්‍යාපනවේදී උපාධිය තමයි ඉහළම සුදුසුකම ලෙස සලකන්නේ ගුරු වෘත්තියේ ගුණාත්මකභාවය වෙනුවෙන් අධ්‍යාපනවේදී උපාධියේ ගුණාත්මකභාවය අනිවාර්ය ලෙස බලපෑම් සහගත වෙනවා. එහෙම තත්ත්වයක උපාධි කඩවලට සුජාතභාවය ලබාදීමත්, නිදහස් අධ්‍යාපනය වගේම ගුරු වෘත්තීයෙ ගුණාත්මකභාවය විනාශ කිරීමත් මෙම ක්‍රියාවලි හරහා සිද්ධ වීමට නියමිතයි. ආයතන 27කට පහුගිය ආණ්ඩුවලින් අවසර දීලා තියෙනවා.
එහෙම කියලා මේ ආණ්ඩුවටත් ඒකම කරගෙන යන්න බැහැ. වහාම මෙම ආයතනය අවසරය ඉවත් කරන්න ඕනි. ඒ වගේම අධ්‍යාපන පීඨවලට බඳවා ගන්නා ප්‍රමාණය වැඩි කිරීම, ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ සංවර්ධනය කරලා ප්‍රශ්න ප්‍රශ්න විසදීම සදහා හරි විදිහටමැදිහත් වෙන්න කියලා ආණ්ඩුවට යෝජනා කරනවා. පළවෙනි පියවර විදියට ඌව පළාත් සභාවට මේ දීලා තියෙන තීරණය වහාම වෙනස් කර, කොළඹ සහ පේරාදෙණිය අධ්‍යාපනවේදි උපාධිධාරීන් ඇතුලත්කර නව ලේඛනයක් ඉදිරිපත් කරන්න කියලත්, අනෙකුත් පළාත්වලත් අධ්‍යාපනවේදි උපාධිධාරීන් හැකි ඉක්මනින්ම ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිනවා.
ඒ වගේම අධ්‍යාපනවේදි උපාධිධාරීන් ජාතික පාසල් වලට අන්තර්ග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල කඩිනමින් සකස් කරන්න කියලත් ඉල්ලා සිටිනවා. ඊට අමතරව දැනට අධ්‍යාපනවේදී උපාධිධාරීන් බිහිවෙන්නේ කලා විෂය ධාරාවෙන් පමණක් නිසා විද්‍යා, තාක්ෂණ, වාණිජ යන විෂය ධාරාවන්ගෙන් අධ්‍යාපනවේදී උපාධිධාරීන් බිහිකිරීම කඩිනම් වැඩිවෙලක් නිර්මාණය කරන්න කියලත් ආණ්ඩුවට යෝජනා කරනවා.
යන්වෙන් ඒ මහතා එහි දී සිය අදහස් පළකරන ලදි.










