කෙහෙළියගේ ලොක්කා අංගොඩ යවයි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රෝගී ජීවිත අනතුරට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම එන්නත් ගෙන්වූ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා ජනවාරි මස 15 වැනිදා දක්වා බන්ධනාගාරය මගින් ප්‍රතිකාර සඳහා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත යොමුකරන ලෙස මාලිගාකන්ද අතිරේක මහෙස්ත්‍රාත් නදීරා කුමාරි බෝගහදෙණිය ඊයේ (01) නියෝග කළාය.

සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණු අතර සැකකරු සම්බන්ධයෙන් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාවක් බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

එය සළකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය තවදුරටත් මානසික ප්‍රතිකාර සඳහා සැකකරු අංගොඩ මානසික රෝග විද්‍යායතනය වෙත යොමුකරන ලෙස බන්ධනාගාරයට නියෝග කළාය.

Cham Madhushika

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව