කෙහෙළියගේ ලොක්කා අංගොඩ යවයි.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ආනයනය කර රෝගී ජීවිත අනතුරට පත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම එන්නත් ගෙන්වූ සමාගමේ හිමිකරු වන සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා ජනවාරි මස 15 වැනිදා දක්වා බන්ධනාගාරය මගින් ප්‍රතිකාර සඳහා අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය වෙත යොමුකරන ලෙස මාලිගාකන්ද අතිරේක මහෙස්ත්‍රාත් නදීරා කුමාරි බෝගහදෙණිය ඊයේ (01) නියෝග කළාය.

සැකකරු ඊයේ අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණු අතර සැකකරු සම්බන්ධයෙන් අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනය විසින් ඉදිරිපත් කරන ලද වෛද්‍ය වාර්තාවක් බන්ධනාගාරය මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබිණි.

එය සළකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරිය තවදුරටත් මානසික ප්‍රතිකාර සඳහා සැකකරු අංගොඩ මානසික රෝග විද්‍යායතනය වෙත යොමුකරන ලෙස බන්ධනාගාරයට නියෝග කළාය.

Cham Madhushika

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන