කෙණෙහිලිකම් නොකර එල්ලා මරන්න – ඥාණසාර හිමි

තමනට විටින් විට කෙණෙහිලිකම් නොකර එකවරම මරා දැමීමේ නියෝගයක් නිකුත් කරන්නයි බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ ඊයේ දිනයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉල්ලා සිටියහ.

ඒ ඉස්ලාම් ආගමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් එලවූ චෝදනාවන්ට වරදකරු කරමින් මාස නවයක ලිහිල් සිරදෙනුමක් නියම කළ අවස්ථාවේදීය.

‘මා බෞද්ධ භික්ෂුවක්. වසර 20ක් තිස්සේ ඉස්ලාම් අන්තවාදයට එරෙහිව මා කටයුතු කරනවා. විටෙන් විට මෙලෙස කෙනෙහිලිකම් නොකර එකවර මරා දැමීමට නියෝග කරන්න’ යයි ඤාණසාර හිමියන් ඉල්ලූහ.

ඊට ප‍්‍රතිචාර දක්වමින් විනිසුරුවරයා පැවසුවේ තීන්දුවට හෝ නඩුවට අදාළ කරුණක් නම් ඒ සම්බන්ධයෙන් සිය අධිකරණයට සලකා බැලීමේ හැකියාව ඇතත් නඩුවට පරිබාහිර වූ කරුණු සම්බන්ධයෙන් මැදිහත්වීමේ හැකියාවක් සිය අධිකරණයට නොමැති බවය.

තීන්දුව සම්බන්ධයෙන් සෑහීමට පත් නොවන්නේ නම් ඉහළ අධිකරණයකට අභියාචනා ඉදිරිපත් කිරීමේ හැකියාව ඇතැයි පැවසීය.

Dilrukshan Lakmal

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව