‘ක්ලීන් ශ්‍රී ලංකා’ යටතේ මුළු රටම පිරිසිදු කරනවා..- වරාය සභාපති

“දුර්වලතා හඳුනාගෙන එම දුවර්ලතා මගහරවා ගෙන රටේ ජයග්‍රහණය උදෙසා එකතු වී කටයුතු කළයුතු කාලයකට අපි එළඹ සිටිනවා’ යයි ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා පැවසීය.

මේ බැව් ප්‍රකාශ කළේ වරාය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති චෛත්‍ය පරිශ්‍රයේ දී පසුගියදා පැවති 2025 සමාරම්භක උත්සවයට එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු සභාපතිවරයා,

පසුගිය වසරේ අපි ලබා ගත් ජයග්‍රහණ ඉදිරියට ගෙනයමින් අලුතින් අපට භාර වී තිබෙන වගකීම් සමුද්‍රය මැනවින් ඉටුකිරීමට සැමදෙනාම දායක විය යුතු බවත් පැවසීය.

තවද ජනාධිපතිතුමා ගෙන යන “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක් ” රජයේ ජනතාවාදි වැඩපිළිවෙල යටතේ මුළු රටම පරිසරයම පිරිසිදු කරමින් ප්‍රශස්ත සමාජ ආර්ථික වටපිටාවක් උරුමකර ගැනීමට අප එක්සත්ව කටයුතු කළ යුතු බව අවධාරණය කළේ ය.

මෙම අවස්ථාවට වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත් රුවන් කොඩිතුවක්කු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ඉංජිනේරු හේරත් ජයවර්ධන, කළමණාකාර අධ්‍යක්‍ෂ ගණක හේමචන්ද්‍ර යන මහත්වරු මෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ විධායක නිලධාරින් හා සේවක මහත්ම මහත්මීහු රැසක් එක්වූහ.

– Media unit

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන