කතක් මරා වලකට දමයි..

මැදවච්චිය පොලිස් වසමේ කටුවෙල සුසාන භූමිය අසල බොරළු වළක් තුල කාන්තා මළ සිරුරක් ඇති බවට මැදවච්චිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකාරිය වයස අවුරුදු 30 ත් 40 ත් අතර පසුවන අතර අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.

ගවුමක් හා ලෙගින් වර්ගයේ කලිසමක් හැඳ සිටී. මෘත ශරීරයේ තුවාල නිරීක්ෂණය වන අතර මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට පොලිසිය සැක කරනු ලබයි.

මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරික්ෂණය සඳහා අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මැදවච්චිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව