ඖෂධ ගණනාවක මිල ඉදිරියේදී පහතට

පසුගිය කාලය පුරා ඇතැම් ඖෂධ සමාගම් පවත්වාගෙන ගිය ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් ඖෂධ මිල 200 ගුණයකින් පමණ අඩු කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමති වෛද්‍ය හංසක විජේමුණි පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුබද්ධිත මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී.

එහිදී වැඩිදුරටත් කියා සිටියේ එම ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් රුපියල් 70,000ට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මිලදී ගත් ඖෂධයක මිල රුපියල් 370ක් දක්වා පහත වැටුණු බවයි.

ඖෂධ ඒකාධිකාරිය බිඳ දමා සමාගම් කිහිපයකට ඖෂධ ගෙන්වීමේ අවස්ථාව ලබාදීමෙන් ඉදිරියේදී සැලකිය යුතු ලෙස මෙරට ඖෂධ ගණනාවක මිල පහත වැටෙන බවයි ඔහු අවධාරණය කළේ.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව