එ.ජ.ප සහ ස.ජ.බ අතර ප්‍රබල බල හුවමාරුවක් නුදුරේදී

මැතිවරණ කොමිෂම් සභාව විසින් 2025 පළාත් පාලන මැතිවරණය සදහා නාමයෝජනා භාර ගැනීම සදහා ඇපමුදල් තැම්පත් කිරීම ප්‍රසිද්ධියට පත්කර ඇති පසුබිමක ඒ සදහා ඉදිරිපත්වීමට නියමිත ප්‍රධාන පක්‍ෂ ඇතුළු සේසු පක්‍ෂ මේවන විට සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු දියත්කර ඇත.

ඒ අනුව මැතිවරණයක් ආසන්නයේ දක්නට ලැබෙන සුපුරුදු පක්‍ෂ හුවමාරු කිරීම විවිධ දේශපාලන පක්‍ෂ නියෝජිතයින් විසින් මේවන විටත් ආරම්භකර ඇති අතර නුදුරේදී සමඟි ජන බලවේග පක්‍ෂයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්‍ෂය සහාය පල කිරීමේ සුදානමක් පවතින බවට පක්‍ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

පසුගියදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන බලවේග පක්‍ෂයේ තිස්ස අත්තනායක මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් කිහිපදෙනෙකු සමග සාකච්ඡාවන් කිහිපයක් සිදු කර ඇති අතර නුදුරේදීම මෙම පක්‍ෂ මාරු කිරීම සිදුවනු ඇති බවට දැනටමත් ඉගි පලකරමින් සිටි.

ඒ අනුව ඉහත සාකච්ඡා අතරතුර තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්‍ෂය වෙත සහාය පල කළ හොත් පක්‍ෂයේ ජාතික සංවිධායක ධූරය ලබා දීමට සූදානම් බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසනු ලබයි.

Cham Madhushika

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව