2024 වර්ෂයට සාපේක්ෂව 2025 වර්ෂය තුල වැඩි විදුලි ධාරිතාවක් අවශ්‍ය වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පැවසීය.
එය සිදුකර පුරෝකතන වලින් අනාවරණය වන බව පැවසීය.
ලබන වසරේ ගිගාවොට් පැය 1000ක් වැඩිපුර උත්පාදනය කිරීමට සිදුවන බව පැවසීය.
ඒ හේතුවෙන් ඉදිරි මාස 06 තුළ විදුලි ගාස්තු සංශෝධනයක් සිදුකර නොහැකි බව පැවසීය.
විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිෂන් සභාවට යොමුකර දත්ත වාර්තාවේද ඒ බව ඇතුළත් වන බව පැවසීය.
මේ අතර ජල විදුලි උත්පාදනය මේ දිනවල ඉහළ මට්ටමක පවතියි.
එහෙත් ඉදිරියේදි ලංකාවට බලපානුයේ වියළි කාලගුණ තත්වයකි.
ඒ හේතුවෙන් ජනවාරි ,පෙබරවාරි සහ මාර්තු මාස වල විදුලි උත්පාදනය සඳහා ඉන්ධන සහ ගල් අඟුරු බලාගාර ක්‍රියාත්මක කිරීමට සිදුවෙයි.
ජල විදුලියෙන් ලැබෙන ධාරිතාව ලබන වසර සඳහා කිසිසේත් ප්‍රමාණවත් නොවන බව පැවසීය.
මේ දිනවල දෛනික විදුලි පරිභෝජනය ගිගාවොට් පැය 45ත්47ත් අතර අගයක පවතින බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
 
								 
								 
															 
														 
														 
														 
														 
                                             
                                             
                                            










