ඉම්රාන්ට සහය දෙන විරෝධතාකරුවෝ අගනුවර කරා ගමනේ

පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහය දක්වන විරෝධතාකරුවෝ විවිධ දිශාවලින් ඉස්ලාමාබාද් අගනුවර වෙත ගමන් කරමින් සිටිනවා.

පසුගිය මහමැතිවරණයේදී වර්තමාන ආණ්ඩුව විසින් ජනමතය සොරාගත් බව චෝදනා කරන ඉම්රාන් ඛාන් පවසන්නේ ළඟදී සම්මත කරගත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 26 වන සංශෝධනය මගින් ආණ්ඩුව සිය බලය වැඩි කරගෙන ඇති බවයි. මෙම පියවරයන්ට එරෙහිව විරෝධය දක්වන ලෙස ඉම්රාන් ඛාන් සිය අනුගාමිකයන් වෙත දන්වා සිටියා.

පාකිස්ථාන ජනයා වාසය කරන විදෙස් රටවල් කිහිපයක ද ඊයේ ඉම්රාන් ඛාන්ට සහය පළකරන උද්ඝෝෂණ පැවැත්වුණා.

පාකිස්ථානයේ උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා ඇතැම් ප්‍රදේශයන් හි ඉන්ටර්නෙට් පහසුකම් අවහිර කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. එමෙන්ම පොලිසිය ද විරෝධතා පාලනයට උත්සාහ ගනු දිස්වුණා. එහෙත් විරෝධතාකරුවන් සිය ගමන නවතා නැහැ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන