ඉන්ධන ලීටරයකින් කිසිවෙකුට කොමිස් මුදලක් ලැබෙන බවක් අපි කිව්වේ නෑ… වසන්ත සමරසිංහ

ඉන්ධන ලීටරයකින් කිසිවෙකුට කොමිස් මුදලක් ලැබෙන බව ජනාධිපතිවරයා හෝ රජයේ කිසිවෙකු මීට පෙර ප්‍රකාශ කර නොමැති බව වෙළඳ, වාණිජ, ආහාර, සුරක්ෂිතතා හා සමූපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ජනාධිපතිවරයා එවකට කියා තිබුණේ ඉන්ධන ලීටරයක් සඳහා රුපියල් 102ක බද්දක් පනවන බවත්, එමගින් රුපියල් 50ක් මහා භාණ්ඩාගාරයට ණයක් ලෙස ලබා ගන්නා බවට පමණක් යයි.

ඉන්ධන ලීටරයක අවසාන මිල නියම වන්නේ මෙම ණය මුදලද ඇතුළත් කරමින් බවද අමාත්‍යවරයා පැවසීය. තෙල් මිල සංශෝධනය සම්පූර්ණයෙන්ම ඉන්ධන මිල සූත්‍රය අනුව සිදු වන බවත්, අලුතින් සිදුකළ මිල සංශෝධනයද ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ බවත් ඔහු තවදුරටත් පැහැදිලි කළේය.

කෙසේ වෙතත්, ඉදිරි අයවැයෙන් ජනතාවට විශාල සහන ලබා දීමට රජය බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.

ඉන්දික පෙරේරා

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව