ඉන්ධන බද්දෙන් ලාබ පිරි ඉතිරේ.. දැනට ලාබය බිලියන 140යි..

ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම ඉකුත් වසරේ (2023) පළමු මාස අටට සාපේක්ෂව මෙම වර්ෂයේ (2024) පළමු මාස අටේ දී රුපියල් බිලියන 139.3ක් දක්වා සියයට 137.4කින් කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බැව් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වෙයි.

මෙම වර්ෂයේ පළමු කාර්තුවේ දී ආර්ථික වර්ධනයත් සමග ඉල්ලුම ඉහළයෑම හේතුවෙන් ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත. ඉකුත් වර්ෂයේ මුල් මාස අටේ දී ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 58.7ක් විය. ඒ අනුව ඉකුත් වර්ෂයේ මෙම කාලපරිච්ජේදයට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල්මාස අටේ දී ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 80.6 කින් වැඩි වී ඇත.

2023 වර්ෂයේ ජුනි මස 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ලීටරයක් මත රුපියල් 25 ක නිෂ්පාදන බද්දක් පනවා තිබුණි. 2024 වර්ෂයේ ජනවාරි මස 01 වැනි දින සිට ඩීසල් ලීටරයක් මත පනවා තිබූ නිෂ්පාදන බද්ද රුපියල් 06කින් සහ පෙට්‍රල් ලීටරයක් මත පනවා තිබූ නිෂ්පාදන බද්ද රුපියල් 05කින් අඩු කරනු ලැබීය. ඒ අනුව ඉන්ධන සඳහා ඉල්ලුම වැඩි වී ඇත.

මේ හේතුවෙන් ඉන්ධන සඳහා වූ නිෂ්පාදන බද්දේ ශුද්ධ වැඩිවීම වැඩි වී ඇත. එමෙන්ම ඉන්ධන කෝටා ක්‍රමය ඉවත්වීමත් සමග ආනයනය ප්‍රමාණය වැඩි වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වේ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව