ඉන්ධන බද්දෙන් ලාබ පිරි ඉතිරේ.. දැනට ලාබය බිලියන 140යි..

ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම ඉකුත් වසරේ (2023) පළමු මාස අටට සාපේක්ෂව මෙම වර්ෂයේ (2024) පළමු මාස අටේ දී රුපියල් බිලියන 139.3ක් දක්වා සියයට 137.4කින් කැපී පෙනෙන ලෙස වැඩි වී ඇති බැව් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවේ සඳහන් වෙයි.

මෙම වර්ෂයේ පළමු කාර්තුවේ දී ආර්ථික වර්ධනයත් සමග ඉල්ලුම ඉහළයෑම හේතුවෙන් ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම කැපී පෙනෙන ලෙස වැඩි වී ඇත. ඉකුත් වර්ෂයේ මුල් මාස අටේ දී ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 58.7ක් විය. ඒ අනුව ඉකුත් වර්ෂයේ මෙම කාලපරිච්ජේදයට සාපේක්ෂව මෙම වර්ෂයේ මුල්මාස අටේ දී ඛනිජ තෙල් මත නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 80.6 කින් වැඩි වී ඇත.

2023 වර්ෂයේ ජුනි මස 01 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන ලීටරයක් මත රුපියල් 25 ක නිෂ්පාදන බද්දක් පනවා තිබුණි. 2024 වර්ෂයේ ජනවාරි මස 01 වැනි දින සිට ඩීසල් ලීටරයක් මත පනවා තිබූ නිෂ්පාදන බද්ද රුපියල් 06කින් සහ පෙට්‍රල් ලීටරයක් මත පනවා තිබූ නිෂ්පාදන බද්ද රුපියල් 05කින් අඩු කරනු ලැබීය. ඒ අනුව ඉන්ධන සඳහා ඉල්ලුම වැඩි වී ඇත.

මේ හේතුවෙන් ඉන්ධන සඳහා වූ නිෂ්පාදන බද්දේ ශුද්ධ වැඩිවීම වැඩි වී ඇත. එමෙන්ම ඉන්ධන කෝටා ක්‍රමය ඉවත්වීමත් සමග ආනයනය ප්‍රමාණය වැඩි වී ඇති බව ද මෙම වාර්තාවේ සඳහන් වේ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන