ඉන්දීය සංචාරකයන් ගෙන්වන්න ‘රාමායණ මංපෙත’ හඳුන්වාදෙයි..

ඉන්දීය සංචාරකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව නව වැඩසටහනක් දියත් කර ඇතිබව ශ්‍රී ලංකන් ගුවන් සේවය පවසයි.

මෙරට සංචාරය කරන ඉන්දීය සංචාරකයන් වැඩිකර ගැනීමේ අරමුණින් එම වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දීය සංචාරකයන් සඳහා සුවිශේ පැකේජයක් හඳුන්වා දි තිබේ.

හින්දු වීර කාව්‍යය වන රාමායනය හා සම්බන්ධ වැදගත් ස්ථාන 50 ඇතුළත් ” රාමායණ මංපෙත” හඳුන්වාදීමට කටයුතු කර තිබේ.

සීතා මාතාව වහල්භාවයේ සිටියදි වන්දනා මාන කළ බව පැවසෙන සීතා අම්මාන් දේවාලය,හනුමන්තා දෙවිදු විසින් හෙළන ලද හිමාලයේ කොටසක් යැයි සැලකෙන රූමස්සල කන්ද ඊට ඇතුළත් වෙයි.

මෙය ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයේ නවමු සන්ධිස්ථානයක ආරම්භය බව ශ්‍රී ලංකන් ගුවන් සේවය වැඩිදුරටත් පවසයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව