ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි ලංකාවට

ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අප්‍රේල් 4 සිට 6 දක්වා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි. මෙම සංචාරය අතරතුර, අග්‍රාමාත්‍ය මෝදි ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය මෝදි අනුරාධපුරයට ගොස් පූජනීය ශ්‍රී මහා බෝධිය වැඳපුදා ගැනීමට නියමිත අතර, ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක කර ඇති ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති කිහිපයක් විවෘත කිරීමට නියමිතව ඇත. මෙම සංචාරයේදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද අත්සන් කිරීමට නියමිතය.

අග්‍රාමාත්‍ය මෝදි සමඟ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, ජාතික ආරක්ෂක උපදේශක, විදේශ ලේකම් සහ ඉන්දීය රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සංචාරයට සහභාගී වනු ඇත.

Cham Madhushika

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව