ආපදා මරණ ගණන ඉහළට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙතෙක් සිව්දෙනෙක් මියගොස් තවත් 6 දෙනෙකු අතුරුදන්ව ඇති බව ආපදා කලමනකරණ මධ්‍යස්ථානය පවසයි.

පවතින කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුම්දීම සඳහා අද (27) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්, මේජර් ජනරාල් (විශ්‍රාමික) උදය හේරත් මහතා මේ බව පැවසීය. 

මෙම අයහපත් කාලගුණික තත්ත්වය දිවයිනේ දිස්ත්‍රික්ක 18ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 141කට බලපා තිබේ.

ඉන් පවුල් 66,947ක පුද්ගලයින් 230,743කට බලපෑම් ඇතිවී ඇති බවත්, පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා ඇති බවත් උදය හේරත් මහතා පැවසීය.

එමෙන්ම මෙම තත්ත්වය හේතුවෙන් පූර්ණ නිවාස හානි 8ක් හා අර්ධ නිවාස හානි 620ක් ආපදා කලමනකරණ මධ්‍යස්ථානයට වාර්තා ඇත.

ඒ හේතුවෙන් ආරක්ෂිත කඳවුරු 165ක පුද්ගලයින් 15,586 දෙනෙකු සුරක්ෂිතව රැඳී සිටින බවද ඔහු පැවසීය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන