ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින්

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත්වූ අපේක්ෂකයින් 1,042දෙනෙකු ආදායම් වියදම් වාර්තා ලබාදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව මැතිවරණයට ඉදිරිපත්වූ 8,888 දෙනෙකු වන සමස්ත අපේක්ෂකයින් අතරින් නියමිත දිනට ආදායම් වියදම් වාර්තා ලබාදී ඇත්තේ අපේක්ෂකයින් 7,412දෙනෙකු පමණක් බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

පාර්ලිමේන්තු මැතිවරණයට තරගකළ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 690ක් අතරින් 197ක් ද ආදායම් වියදම් ලබා දී නොමැති බව සඳහන්ය.

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින්ට, දේශපාලන පක්ෂවලට මෙන්ම ස්වාධීන කණ්ඩායම්වලට ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට ලබා දී තිබූ කාලය පසුගිය 06වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වුණි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන