අහුන්ගල්ලේ වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් සොයාගනී

අහුන්ගල්ල බෝධිය අසලදී ඊයේ (09) පෙරවරුවේ සිදුවු වෙඩිතැබීමට යොදාගත් බවට සැකකරන යතුරුපැදියක් අහුන්ගල්ල පොලීසිය විසින් ඊයේ රාත්‍රියේ සොයාගෙන තිබේ.

අහුන්ගල්ල පොල්අතුකන්ද ප්‍රදේශයේ පිහිටි කුරුඳු ඉඩමක සඟවා තිබියදී මෙම යතුරුපැදිය සොයාගෙන ඇත.

ඊයේ උදෑසන 6:15ට පමණ ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පලාගොස් තිබුණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කෙරුණි.

තුවාල ලැබු පුද්ගලයා “ලොකු පැටී” නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ ඥාතියෙකු වන බවද වාර්තා විය.

සිද්ධිය සම්බන්ධයෙන් අහුංගල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව