අස්වැසුම ලබන පවුල්වල සිටින පාසැල් ළමුන්ට දෙන රු. 6000 දීමනාව බෙදා අවසන්

අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල සිටින පාසැල් සිසුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීමට අදාළ රුපියල් 6000 දීමනාව මේ වනවිට බෙදා අවසන් බව මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය පවසයි.

එහි නියෝජ්‍ය අමාත්‍ය අචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සඳහන් කළේ, මිලියන 1.1 ඉක්ම වූ සිසුන් පිරිසක් ඒ අනුව ප්‍රතිලාභ ලැබූ බවයි.

ඊට රජයෙන් වෙන්වූ මුදල රුපියල් බිලියන 6.5කි.

අස්වැසුම ප්‍රතිලාභී පවුල්වලට අමතරව තෝරාගත් අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන් පිරිසකට ද ලිපිද්‍රව්‍ය ලබාගැනීමට අවශ්‍ය දීමනා ලබා දීමට රජය තීරණය කළේ ය.

මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට අදාළ සිසුන් තෝරා ගැනීම සහ ඔවුන්ට දීමනා ලබා දීම ඉදිරි දින කිහිපය තුළ අවසන් කළ බවයි.

සිසුන් සඳහා ලිපිද්‍රව්‍ය ලබාගැනීමට අදාළ පරිපූරක ඇස්තමේන්තුව ඡන්ද විමසීමකින් තොරව පසුගිය 18 වැනි දා පාර්ලිමේන්තුවේදී සම්මත‍ විය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව