‘අශෝක රන්වල’ අපේ සරසවියේ ඉගෙනගෙන නැහැ… ජපානයේ වසේදා සරසවිය කියයි…

කථානායක අශෝක රන්වල මහතා ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා ඇති බවට පවසන ලද ප්‍රකාශය අසත්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල මහත්මිය පැවසීය.

ජපානයේ වසේදා විශ්වවිද්‍යාලය විසින්, අශෝක රන්වල මහතා එම විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා නොමැති බව සහ එම ප්‍රකාශය අසත්‍ය බවත් එතුමිය මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරන ලදී.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් මාලිමාවේ මහාචාර්යවරු, ආචාර්යවරු ඇත්තම උදවියද? කියා සාධාරණ සැකයක් ඇතිවෙන බවද ඇය පෙන්වා දෙන ලදී.

ඇතිවී තිබෙන මෙම තත්ත්වය පිළිබඳ කථානායක අශෝක රන්වල මහතාගෙන් ප්‍රශ්නයක් කළ විට, ඔහු සඳහන් කළේ තමන් නිසි අවස්ථාවක මෙම චෝදනාවන්ට ප්‍රතිචාර දක්වන බවයි.

කැබිනට් මාධ්‍ය හමුවකදී කැබිනට් අමාත්‍ය හා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතාගෙන්ද මාධ්‍යවේදීන් කල විමසීමකදී කථානායකවරයා නිසි අවස්ථාවේ මෙම චෝදනාවන්ට ප්‍රතිචාර දක්වන බවයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන