අලි – මිනිස් ගැටුමට විසඳීමට දේශීය නව නිපැයුමක්

ශ්‍රී ලංකාවේ ජාතික ගැටලුවක් බවට පත් ව ඇති අලි – මිනිස් ගැටුමට විවිධාකාර වු විසදුම් සොයන පසුබිමක ඒ සදහා විද්‍යාත්මක විසදුමක් ලෙස සාර්ථකත්වයක් ලබා ඇති දේශිය අලිවැට පද්ධතියක් නිර්මාණය කිරිමට විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ජාතික ඉංජිනේරු හා සංවර්ධන මධ්‍යස්ථානයේ ( NERDC ) ඉංජිනේරුවන් විසින් සමත්ව ඇත.

නියමු ව්‍යාපෘතියක් ලෙස වීරවීල එළිමහන් කදවුරේදි ඉදිකෙරුණු මෙම අලිවැට පද්ධතිය නිමකර බන්ධනාගාර දෙපාර්තුමේන්තුවට භාරදීම විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන සහ පරිසර අමාත්‍ය ධම්මික පටබැදි යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සිදුවිය.


පෞද්ගලික අංශයේද සහය ඇතිව ඉදිකෙරුණු මෙම අලිවැට පද්ධතිය කිලෝ මීටර් 3.8 ප්‍රමාණයක් දක්වා විහිදෙන අතර අලිවැටේහි උස අඩි 16 වේ.මෙම මෙහි කණු පෙර සවි කොන්ක්‍රිට් තාක්ෂණයෙන් සංවර්ධනය කරන ලදි.


මෙහි විශේෂත්වයන් කිහිපයක් දක්නට ලැබෙන අතර අලි වැට පද්ධතියට යම් හානියක් හෝ දෝෂයක් සිදු වු විට එහි හිමිකරුට කෙටි පණිවිඩයකින් දැනුම් දීමක් සිදු වේ. අලි වැටේ වාර්තා නිරික්ෂණය කිරිමට හා විශ්ලේෂණය කිරිමට වෙබ් පිටුවක් ද නිර්මාණය කර ඇත. මෙරට දැනට පවතින අලි වැට පද්ධතීන් ඉතා පහසුවෙන් අලින් විසින් කඩා බිද දමන අතර මෙම අලිවැට පද්ධතියට අලින්ට ප්‍රහාර එල්ල කිරිමේ හැකියාවද අවමය.


මින් පෙර මෙරට අලි වැට පද්ධතීන් සදහා විදේශ රටවලින් ආනයනය කරන ලද තාක්ෂණික උපකරණ භාවිතා කළ අතර ඒ සදහා වාර්ෂිකව විශාල ඩොලර් ප්‍රමාණයක් වියදම් කෙරේ. මෙම අලි වැට පද්ධතියේ විද්යුත් එනජයිසරය රුපියල් ලක්ෂයකට අවම මුදලකින් නිපදවා ඇති අතර මින් පෙර මෙවැනිම එනජයිසරයක් රුපියල් ලක්ෂ 5 පමණ වියදම් කර මෙරටට ගෙන්වන ලදි. මෙම පද්ධතිය දේශිය උපකරණ, තාක්ෂණය හා මානව සම්පතින් ජාතික හා ජාත්‍යන්තර ප්‍රමිතින්ට අනුව නිර්මාණය විය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන