අයවැය IMF පදයට නැත්නම් වාරිකයත් නෑ.. වෙන තැන්වලින් ණයත් නෑ..

මීළඟට නොවැම්බර් මාසයේ දී 2025 වසර සඳහා අයවැය සාමාන්‍ය පරිදි ඉදිරිපත් කිරීමට නොහැකි වීම නිසා අයිඑම්එෆ් ණය වාරිකය අපට ලබා ගැනීමට ප්‍රමාදයක් සිදුවේ. මේ වන විට එම ණය වැඩසටහනට අනුව ණය වාරික තුනක් ලැබී ඇති අතර මීළඟට ලැබීමට නියමිතව ඇත්තේ එහි සිව්වැනි ණය වාරිකයයි. ඒ සඳහා එම ණය වැඩසටහනට අදාළ තුන්වැනි සමාලෝචනයට අයිඑම්එෆ් කළමනාකරණයේ සහ විධායක සභාවේ අනුමැතිය හිමිවිය යුතුව ඇත.

මේ වන විටත් එම අදාළ තුන්වැනි සමාලෝචනයට අයිඑම්එෆ් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාව හිමිව ඇත. ඒ බව ප්‍රකාශයට පත් කරමින් පසුගියදා මෙරටට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් වේ.

“වසර හතරක විස්තීර්ණ ණය පහසුකම යටතේ වන තෙවන සමාලෝචනයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කණ්ඩායම ලංකා බලධාරීන් සමග කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළැඹුණු බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු. විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ මූල්‍ය අරමුදලෙහි විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ 2023 මාර්තු 20 දින අනුමත කරන ලදී.

පහත සඳහන් කරුණු සපුරාලීම මත මෙම කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය සඳහා ඉදිරි කාල සීමාව තුළ ජා.මූ. අරමුදලෙහි කළමනාකාරිත්වය සහ එහි විධායක මණ්ඩලයේ අනුමැතිය හිමි වනු ඇත. (i) බලධාරීන් විසින් වැඩසටහනේ අරමුණුවලට අනුකූල වන පරිදි 2025 වසර සඳහා අයවැයක් ඉදිරිපත් කිරීම ඇතුළු පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම සහ (ii) බහුපාර්ශ්වික හවුල්කරුවන්ගේ කැපවූ මූල්‍ය දායකත්වය තහවුරු කිරීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම නියමිත වේලාවට සහ වැඩසටහනේ ණය ඉලක්කයට අනුකූලව අවසන් වනු ඇති බවට විශ්වාසයක් ලබා දීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීම ප්‍රමාණවත් ප්‍රගතියක් ලබා තිබේද යන්න පිළිබඳව අවධානය යොමු කරන මූල්‍යන සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම. විධායක මණ්ඩලයේ සමාලෝචනය සම්පූර්ණ කිරීමෙන් පසු, ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 333කට පමණ ප්‍රවේශය ලැබෙනු ඇති අතර, ඒ අනුව මෙම පහසුකම යටතේ මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට මේ දක්වා ලබාදුන් සමස්ත අරමුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,333ක් පමණ වනු ඇත.”

මෙහි සඳහන් වන පරිදි රජය විසින් අයිඑම්එෆ් ණය වැඩසටහනේ අරමුණුවලට අනුකූල වන පරිදි 2025 වසර සඳහා අයවැයක් ඉදිරිපත් කිරීම ඇතුළු පූර්ව ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ යුතු වේ. මෙහි කියා ඇත්තේ අයවැය අයිඑම්එෆ් ණය වැඩසටහනේ අරමුණුවලට අනුකූල වන පරිදි සකස් කළ යුතු බවයි. මේ නිසා 2025 පෙබරවාරි මාසයේ නව රජය විසින් 2025 අයවැය ඉදිරිපත් කළත් ඒ සඳහා අයිඑම්එෆ් විධායක සභාවේ අනුමැතිය දීමට නම් ඔවුන් කියන පරිදි අයිඑම්එෆ් ණය වැඩසටහනේ අරමුණුවලට අනුව අයවැය සකස් කිරීමට රජයට සිදු වේ.

එසේ නොකළොත් වන්නේ කුමක් ද? එවිට තෙවැනි සමාලෝචනයට අයිඑම්එෆ් අනුමැතිය නොලැබීමෙන් අයිඑම්එෆ් මීළඟ ණය වාරිකය අපට අහිමි වීමට අමතරව මේ ණය වැඩසටහන අපට අහිමි වීමේ අවදානමක් ද ඇති වේ. එසේ වුවහොත් ජාත්‍යන්තර විශ්වාසය රට කෙරෙහි නැවතත් පළුදු වීමෙන් අපට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජාත්‍යන්තර ණය දෙන ආයතනවල මූල්‍ය සහාය ද නොලැබී යෑමට ඉඩ ඇත. එසේම වෙනත් රටක් වුවත් අපට අලුතින් ණය ලබා දීමට ඉදිරිපත් නොවනු ඇත. ඒ මගින් අත්වෙන අහිතකර ආර්ථික ප්‍රතිවිපාක ඉතාම බරපතලය.

මේ නිසා නව රජයේ කවර ප්‍රතිපත්ති වෙනස්කම් තිබිය හැකි වුවත් මේ අයිඑම්එෆ් ණය වැඩසටහන මේ රජය විසින් ද අහිමි කරගනු ඇතැයි සිතිය නොහැකිය. එනම් මෙහි අර්ථය වන්නේ මේ රජය විසින් අයිඑම්එෆ් ණය වැඩසටහනේ අරමුණුවලට අනුකූලව 2025 අයවැය සකස් කරනු ඇති බවයි.

– ශ්‍යාම් නුවන් ගනේවත්ත

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන