අපි කියන්නේ ඇත්තමයි…මාලිමාව බොරු කියන්නේ නැහැ…

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විශේෂ සටහනක් තබා තිබුනා.

ඒ අනුව ආණ්ඩුව සම්බන්ධයෙන් විපක්ෂය විසින් සිදු කරන ප්‍රකාශයක්  ගැන ඔහු මෙලෙස අදහස් දක්වා සිටියි.

ආණ්ඩුව බොරු කිව්වේ යයි විපක්ෂය විසින් එල්ල කරන චෝදනා අසත්‍ය බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.

සත්‍ය වශයෙන්ම බොරු කියා ඇත්තේ අද විපක්ෂයේ සිටිනා කණ්ඩායම් බව ද පැවසු ඔහු ජාතික ජන බලවේගය අසත්‍යයක් පවසා නැතැයිද කියා සිටී.

පඬුවස්නුවර ප්‍රදේශයේදී පැවැති ජාතික ජන බලවේගය වෙනුවෙන් පළාත් පාලන මැතිවරණයේ ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසුවේය.

මෙතෙක් මෙරට පැවති ආණ්ඩුවලින් වැඩිපුරම ජාත්‍යන්තර සබඳතා පවතින ආණ්ඩුව තම ආණ්ඩුව බවට පත්වී ඇත්තේ විපක්ෂය කියූ බොරුවක් හෙළි කරමින් බවද හෙතෙම එහිදී කීය.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව