අප්‍රේල් මස සිට රාජ්‍ය සේවක වැටුප් 7,500කින් ඉහළට

රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතා සොයා බැලීම සදහා පසුගිය රජය පත් කරන ලද උදය ආර්.සෙනෙවිරත්න කමිටු වර්තාවේ නිර්දේශයන් ද සලකා බලා වැටුප් විෂමතාව ඇති නොවන පරිදි පිළිගත් ක්‍රමවේදයකට අනුව මෙවර අයවැයේදී වැටුප් වැඩි කෙරෙන බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව දැනට පවතින වැටුප් තල අනුව, රුපියල් 7,500 ත් 10,000 ත් අතර මුදලක් මූලික වැටුපට එකතු කිරීමට නියමිත බවත්, ඒ ඒ වැටුප් තල අනුව, මූලික වැටුපට අදාළ වැඩි කිරීම සිදු කිරීමට නියමිත බවත් අදාල ආරංචි මාර්ග සඳහන් කරනවා.

එමෙන්ම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අදාළ ක්‍රමවේදය (Formula) මේ වනවිට මුදල් අමාත්‍යාංශය සකස් කර අවසන් බවත්, වැඩි කිරීමට නියමිත මුදල කොතෙක්දැයි මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා තීරණය කිරීමට නියමිත බවත් මුදල් අමාත්‍යාංශයේ ආරංචිමාර්ග පවසයි.

කෙසේ වෙතත් අදාළ වැටුප් ඉහළ දැමීම මුදල් ඇමැතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලබන පෙබරවාරි මාසයේ ඉදිරිපත් කරන 2025 අයවැයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. අදාළ වැටුප් වැඩිවීම ලබන අප්‍රේල් මාසයේ සිට සිදු කිරීමට නියමිතයි.

පසුගිය රජය රටේ ඍණ ආර්ථිකයක් පැවැතියදීත් 2024 වසරේ ජනවාරි මස සිට රුපියල් 10,000 කින් වැටුප් වැඩි කිරීමක් සිදු කළා.

ඊට අදාළව ගෙවීමට තිබූ රුපියල් 15,000 ක හිඟ මුදල රුපියල් 5,000 බැගින් මේ වසරේ ජනවාරි සිට මාර්තු මාසය දක්වා කාලය තුළ ගෙවා අවසන් කිරීමට නියමිතය.

පසුගිය කාර්තු හතරේදීම රටේ ආර්ථිකය ධන තත්ත්වයට පත්ව තිබෙන බැවින් සහ රාජ්‍ය ආදායම සියයට 38 කින් පමණ ඉහළ ගොස් තිබෙන බැවින් රාජ්‍ය සේවකයන්ට රුපියල් 10,000 ඉක්මවූ වැටුප් වැඩිකිරීමේ හැකියාව පවතින බව ආර්ථික විශ්ලේෂකයන් පවසා තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයාද පසුගිය දිනවල කියා සිටියේ රජයේ සේවකයන්ගේ ඇඟට දැනෙන වැටුප් වැඩි කිරීමක් සිදු කරන බවයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව