අනුර ප‍්‍රියදර්ශණ යාපා සහ බිරිද අත්අඩංගුවට ගනි..

හිටපු අමාත්‍ය අනුර ප්‍රියර්දශන යාපා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් විසින් 2014 වර්ෂයේ අග භාගයේදී බිංගිරිය හා නාරම්මල යන ප්‍රදේශවල ගංවතුරෙන් අවතැන් වූ පුද්ගලයින් හට සහන සැලසීමේ මුවාවෙන් ලංකා ඛණිජ තෙල් සංස්ථාවට අයත් රුපියල් 6,146,110ක මුදලක් ලබා ගෙන එම මුදල් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා භාවිතා නොකොට 2015 වර්ෂයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදවමින් මහජන මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම හා පොදු දේපල පනතේ ගැනෙන වැරදි සිදු කිරීම හේතුවෙන් නීතිපති උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

මෙම සැකකාර හිටපු අමාත්‍යවරයා සහ ඔහුගේ බිරිඳ 2025.01.23 වන දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර මේ සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව වැඩිදුර විර්මශන සිදු කරයි.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන