අද ගම්බිම් බලායන ජනතාවට විශේෂ ප්‍රවාහන සේවාවක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ දුම්රිය සේවා අද (11) සිට ආරම්භ වන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, ඒ සඳහා විශේෂ දුම්රිය 10ක් ධාවනයට එක් කරන බවයි. ඒ අනුව, අද රාත්‍රී 7:30ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය වන අතර, ඒ සමගම බදුල්ලේ සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් පැමිණීමට නියමිතය.

ඊට අමතරව, අද රාත්‍රී 7:20ට කොළඹ කොටුව සිට ගාල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරෙන අතර, ඒ සමගාමීව ගාල්ලේ සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් පැමිණීමට සැලසුම් කර ඇත.

මීට අමතරව, අද පෙරවරුවේ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රියක් ධාවනය වූ අතර, එය නැවත 18 වැනිදා ආපසු පැමිණීමට නියමිතය.

මේ අනුව, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, මෙම විශේෂ දුම්රිය 10 භාවිතයෙන් අවුරුදු සමයේ සහ දීර්ඝ සතිඅන්ත නිවාඩු කාලය තුළ ගමන්වාර 31ක් ධාවනය කරන බවයි.

මේ අතර, ගම්බිම් බලා යන ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අද දිනයේත් ප්‍රමාණවත් බස් රථ යෙදවීමට කටයුතු කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ධාවන හා සේවා අධීක්ෂණ අධ්‍යක්ෂ ශෙරීන් අතුකෝරල මහත්මිය පවසයි.

එසේම, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී. එච්. ආර්. ඩී. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, මගී අවශ්‍යතාවයට අනුව අතිරේක බස් රථ යෙදවීමට පියවර ගන්නා බවයි.

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

දිවයින ආවරණය වන පරිදි බහු පක්‍ෂ ඒකරාශී වී රැස්වීම් දහසක් පැවැත්වීමට නායක රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දෙපාර්ෂවය එක්වීම පිළිබඳව මෙතෙක් අවසන් එකඟතාවයකට එළඹ නොමැති මොහොතක එම රැස්වීම් සඳහා සහභාගිවන සමඟි ජන බලවේග පක්‍ෂ දේශපාලන නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසිකළ යුතු බව