අදානි කොළඹ වරායේ සිට ඇමරිකාවට ටොක්කක් අනී.. ණය ඉල්ලීම අත්හිටුවයි..

කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය සදහා ඉන්දියාවේ අදානි වරාය සහ විශේෂ ආර්ථික කලාප පෞද්ගලික සමාගම අමෙරිකානු ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය අරමුදල (IDFC) වෙතින් ඉල්ලූ ඩොලර් මිලියන 553 ක ණය ඉල්ලීම ඉල්ලා අස් කරගෙන ඇත.

එම සංවර්ධන කටයුතු සඳහා අදානි සමාගමේ අභ්‍යන්තර අරමුදල් භාවිතා කිරීමට තීරණය කර ඇති බවවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කර ඇත.

ගෞතම් අදානිට එරෙහිව අමරිකානු නීතිපති දෙපාර්තමේන්තුව අල්ලස් හා දූෂණ චෝදනා ගොනුකර තිබීම හේතුවෙන් අදානි සමූහය මෙම තීරණය ගෙන තිබේ.

සමාගම පවසන්නේ කොළඹ වරායේ බටහිර පර්යන්ත ව්‍යාපෘතිය හොඳින් ක්‍රියාත්මක වෙමින් පවතින අතර 2025 මුල් භාගය වන විට එය ආරම්භ කිරීමට නියමිත බවත්ය.

අදානි සමූහ ව්‍යාපාරයට වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ 51% ක කොටස් හිමිව ඇති අතර, එහි සීමාසහිත China Merchants Port Holdings Co Ltd විසින් පවත්වාගෙන යනු ලබන පර්යන්තයක් ද වෙයි.

 ශ්‍රී ලංකාවේ සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමට එම පර්යන්තයේ 34% හිමිවන අතර ඉතිරි කොටස  ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු වේ.

Srinews Express

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන