අඩු කරනවා කිව්ව තෙල් මිලයි විදුලි බිලයි කෝ

වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවල විදුලි බිල තෙල් මිල ගැන සුරංගනා කතා කියූ බවත් තෙල් මිල වැඩි වන්නේ කොමිස් සහ අනවශ්‍ය බදු නිසා බවට පැවසූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (09) අරණායක පැවැති ජන හමුවක් අමතමින්

ඒ අනුව බලයට පැමිණි පසු විශාල ප්‍රමාණයකින් තෙල් මිල අඩු කරන්න හැකි යැයි කිව්වත් තවමත් අඩු නොවූ බවත් විදුලි බිල ද තුනෙන් එකකින් අඩු කරනවා කිව්වත් තවමත් වුනේ නැති බවත් ඔහු එහිදී කියා සිටියා

එමෙන්ම තෙල් මිල සූත්‍රය අයින් කර ජනතාවාදී සූත්‍රයක් ගෙන එනවා කිව්වත් තවමත් එවැනි දෙයක්වත් ගෙනවිත් නොමැති බවයි විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පැවසුවේ

සමගි ජන බලවේගය හැමෝම එකතු කර ගත් ගමනක් යන බවත් වෙනත් පක්ෂ මෙන් කොළඹ 7 තරු හෝටල් ඇතුලේ නායකයෝ ඇති කර ගන්නා ගිවිසුම් නොව මහපොලොවේ ජීවත් වන මිනිසුන් සමග ඇති කර ගන්නා ගිවිසුම් බවත් ඔහු කියා සිටියා

Asanka Wijeweera

RECENT POSTS

CATEGORIES

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

පාස්කු ප්‍රහාරයට පිල්ලෙයාන් සෘජුව සම්බන්ධයි – ආරක්ෂක ඇමති කියයි

ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ආකාරයටම, පාස්කු ඉරිදා

තංගල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට

රනිල්ගේ රැස්වීම්වලට යන ස.ජ.බ නියෝජිතයින්ගේ පක්‍ෂ සාමාජිකත්වය අහෝසි වෙයිද?

පසුගියදා සමඟි ජන බලවේග පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයින්

ඇමරිකන් බද්ද ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකරයි..- මහාචාර්ය පියංග දුනුසිංහ

ඇමරිකාව විසින් පනවා ඇති නව තීරු බදු අනුපාතයන් ශ්‍රී ලංකාවේ

බොරු කීවා කියා කෝටි 50ක් වන්දි ඉල්ලා මාලිමා මන්ත‍්‍රීට විරුද්දව නඩු දමයි…

වෙලිගම නාගරික සභාවේ හිටපු සභාපති රෙහාන් ජයවික්‍රම මහතා, ජාතික ජන