කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව ගෙවුන මාස දෙකේම උද්ධමනය සෘණ අගයක. උත්සව කාලෙදින් උද්ධමනය එහෙම තියාගන්න පුලුවන්වීම අපේ ජයග්‍රහනයක් වගේම විදුලිබල ක්ෂේත්‍රයට අදාලව ජාතික ජන බලවේගයේ අපේ පොරොන්දු අපි ඉෂ්ට කරනවා යනුවෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනා ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
තවදුරටත් කතා කළ අමාත්‍යවරයා,
ජාතික ජනබලවේග අපේ රජයට මේ රටේ ජනතාව මේ රටේ ඉතිහාසයේ කුමන හෝ රජයකට දුන්න සුවිශේෂම බලය දුන්නේ ඇයි? මොකක්ද ඒකට හේතුව. ජනතාවගේ හැබෑ බලාපොරොත්තුව මොකක්ද? කවුද ඒක හරියටම අදුන ගත්තේ. ඡන්දෙට කලිනුත් මේ රටේ තත්වය ගැන මේ රටේ ජනතාවට තිබෙන සැබෑ ගැටලුව ගැන ඔවුන්ගේ හැබෑ බලාපොරොත්තුව ගැන හරියටම අදුන ගත්තේ කවුද? ඒ හැබෑ ගැටලු හරියටම අදුනගත්ත හින්ද ඒවට සැබෑ විසදුම් යෝජනා ඉදිරිපත් කරපු හින්දා මේ රටේ ගැටලුවලට විසදුම් තියෙන්නේ මෙතන හින්දා තමයි ජාතික ජන බලවේගයේ අපට ජනතාව ඒ විශිෂ්ඨ ජයග්‍රහනය දුන්නේ.
මේ රටේ ගෙවුන මාස දෙකේ උද්ධමනය ගැන සංඛ්‍යා ලේඛන මම ඉදිරිපත් කරන්නම් යැයිද තවදුරටත් ප්‍රකාශ කළ එතුමා, කොළඹ පාරිභෝගික දර්ශකය මත පදනම්ව වුනු උද්ධමනය 2024 නොවැම්බර් දෙසැම්බර් මාස දෙකේ උද්ධමනය මෙන්න මෙහෙමයි. 2024 නොවැම්බර් මාසේ සෘණ 2.1යි. දෙසැම්බර් මාසේ සෘණ 1.7යි. සෘණ උද්ධමනයක් තියෙන්නේ මතක තියාගන්න.
ජාතික ජනබලවේගයේ අපි ජනතාවට දුන්නනම් පොරොන්දුවක්, දුන්නනම් බලාපොරොත්තුවක් අපි ඒ පොරොන්දුව බලාපොරොත්තුව ඉෂ්ඨ කරනවා යැයි ප්‍රකාශ කළ අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සිය පාර්ලිමේන්තු කථාව තුළ විදුලි බලය ගැනද මෙලෙස අදහස් පළ කළේය.
විශේෂ වශයෙන් විදුලිබිල ගැන යමක් කියන්න ඕනේ. බලශක්ති අමාත්‍යවරයා හැටියට මගෙන් රටේ වැඩිදෙනෙක් යම් පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන බවත් මම දන්නවා. රජයක් හැටියට ජනතාවට සහන දෙන්න, රජයට අපහසුතාවට පත්වෙන්න සිද්ද වෙනවා නම්, ජනතාව අපහසුතාවට පත් නොකර රජයක් හැටියට ඒ අපහසුතාව විදින්න අපි සූදානම්. අපි ආඩම්බරයෙන් කියන්නේ, අපි ජනතාවගේ රජයක්.
හිටපු පාලකයෝ අපට උරුම කලේ කලාපයේ විදුලිබිල වැඩිම රටක්. ඔව් මේ කලාපයේ විදුලිබිල වැඩිම රටක් තමා අපේ රට, ඒක අපිට එදිනෙදා ජීවිතයට ජීවන වියදමට බලපානවා. රටේ කර්‌මාන්තශාලා වලට රටේ නිෂ්පාදන ක්ෂේත්‍රයට ඒක බලපානවා. ඒක හින්දා විදුලිය සාධාරණ, දැරිය හැකි මිලකට දෙන්න ඕනේ.
රටේ ජනතාවගේ ජීවිත වලට පහසුවක් පොහාසත්කමක් දෙන්න විතරක් නෙවෙයි, කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවට අවසාන වශයෙන් රටේ ආර්ථික දියුණුවට. ඔව් ඒ ජාතික ජනබලවේගයේ අපේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” සිහිනය සැබෑ කරන්නට දැරිය හැකි මිළකට, අවම වශයෙන් මේ කලාපයේ අවම මිලට බැරිනම් කලාපයේ සාමාන්‍ය මිලට විදුලිය ලබාදෙන බලාපොරොත්තුව පොරොන්දුව අපට තියෙනවා යනුවෙන්ද පැවසීය.
– Media unit











